පළමු වතාවට විවෘත අවස්ථාවක්

නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ විවෘත අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙනවා.

ඒ අනුව, ලබන 25 දින (හෙට දින) තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දීමටයි පියවර ගෙන තිබෙන බව සඳහන් වෙනවා.

බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බීග දිසානායක මහතා පැවසුවේ, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *