පහේ හපනුන්ගේ ප‍්‍රශ්නය

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවරු 9.00ට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇති හෙයින් අදාළ විභාගය යළි පවත්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම් විභාගය අද දිනයේත් පැවැත්වෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *