පස්සෙ පසුතැවිලි වෙන්න එපා

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත තම පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
ජනාධිපතිවරයා විසින් දිළිදු පවුල් සඳහා රුපියල් 50,000 ක ආධාර මුදලක් ලබා දෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ කෙටි පණිවුඩ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව අදාළ කෙටි පණිවුඩ සඳහා තමන්ගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය සඳහන් කරනවා.
“විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට, ව්‍යාජ කෙටි පණිවුඩ සම්බන්ධයෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙමින් පවතිනවා. ජනාධිපතිතුමා විසින් දුප්පත් පවුල් සඳහා රු 50,000ක ආධාර මුදලක් ලබාදෙන බවට පණිවුඩයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතාමත් වේගයෙන් සංසරණය වෙනවා. මේ සබැඳියන් ඔස්සේ සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිනවා. මේ සබැඳියන් අවහිර කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් අප යොදා තිබෙනවා. මේවා ව්‍යාජ සබැඳියන් වෙනවා. මේවා ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දුනහොත් ඔබගේ බැංකු ගිණුම්වලට අනවසර ප්‍රවිශ්ඨයන් වීම, ඊමේල් ගිණුම්ට තුන්වන පාර්ශවයක් ඇතුළු වීමෙන් බොහෝ කරදර සිදුවිය හැකියි. එනිසා පෞද්ගලික තොරතුරු ලබානොදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.”
