පලස්තීනයෙන් ඇමෙරිකාවට නඩු

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව පලස්තීනුවන් පිරිසක් නඩු පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඊශ්‍රායලය මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කරන බව දැන දැනම, ඊශ්‍රායල හමුදාවට අරමුදල් සැපයීම හේතුවෙනි.

අමෙරිකානු නීතියට අනුව යම් රටක් මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට විශ්වසනීය සාක්ෂි ඇති විට, එම රටේ හමුදාව සඳහා මිලිටරි ආධාර ලබාදීම තහනම් වෙනවා. එය හැඳින්වෙන්නේ, ලේහි නීතිය ලෙසිනි.

පලස්තීනුවන් පිරිසක් එක්ව පවරා ඇති මෙම නඩුවෙන් පෙන්වා දෙන්නේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර ජාත්‍යන්තර නීතියට අනුව ජන සංහාරයක් ලෙස සැලකෙන බව පසුගියදා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ද තහවුරු කර තිබෙනවා.

මාස 14ක සිට අඛණ්ඩව එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේ වනවිට පලස්තීනුවන් 45,000කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *