පටන් ගත්ත ගමන් ලෙඩක්

පාසල් ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
විවිධ වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග මේ ආකාරයට ව්‍යාප්තවිය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කරනවා.
මේ නිසා, සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂිත තත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඔහු දැනුම් දෙනවා.