නෝටුටු වලින් ඉවතට යන මුජිබර්ගේ රුව

බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව, එරට මුදල් නෝට්ටුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉදිරියෙදී මුද්‍රණය කිරීමට නියමිත නෝට්ටුවලට ඔහුගේ රුව ඇතුළත් නොකරන ලෙසට බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් එරට මහ බැංකුව වෙත උපදෙස් ලබාදී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
ශෙයික් මුජිබර් රහමන්ගේ දියණිය වන බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පසුගිය ජුලි මාසයේ සිසුන් මූලික කරගත් විරෝධතා හමුවේ ධුරයෙන් පහ කෙරුණා.
එම විරෝධතාවලදී බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව සහිත ස්මාරක ද විනාශ කිරීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා.
විශේෂයෙන් ම ඉදිරියේදී මුද්‍රණය කෙරෙන නව නෝට්ටු සඳහා ජුලි මාසයේ පැවති විරෝධතාවල දර්ශන ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බවත් වාර්තා වෙනවා.