නිරිත දිග මෝසමේ අහිතකර ප‍්‍රතිඵල

අද සවස් වරුවේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක වායූ ගුණාත්මකභාවය යළි පහත වැටී තිබෙන බව වාර්තා වෙනවා. ඒ, ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග සුළං ප්‍රවාහයේ වෙනස් වීම හේතුවෙනි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය හෙට පස්වරුව දක්වා පවතිනු ඇති බවයි.
ඒ වගේම ප්‍රදේශ රැසක වායූ ගුණාත්මක දර්ශක අගය 100 ත් 150 ත් අතර අගයක පවතින බව ද ඔහු ප්‍රකාශ කරනවා. සාමාන්‍යයෙන් වායූ ගුණාත්මක දර්ශක තිබිය යුත්තේ, අගය 50 ට අඩු මට්ටමකයි.