නැව හරවල යැව්වම තෙල් තියෙනවද?

පසුගිය රජය මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළට පිවිසීමට අනුමැතිය දුන් සමාගම් තුන කිසිඳු ආයෝජනයක් රට තුළට ගෙනවිත් නැති බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා මහතා අනාවරණය කර තිබෙනවා.

ඔවුන් විසින් තෙල් මිලදී ගැනීම් සඳහා පමණක් මුදල් යොදවා ඇති බව සභාපතිවරයා පවසනවා.

මේ අතර, යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරටට ගෙන් වූ පෙට්‍රල් හා ඩීසල් තොගයක් රැගත් නෞකාවක් ආපසු හරවා යැවීමේ සිද්ධියක් ද පසුගියදා වාර්තා වුණා.

ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා අවධාරණය කළේ එම නැව ආපසු හරවා යැවුව ද මෙරට තුළ කිසිඳු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි.

කෙසේ වෙතත් පුවත්පත් වාර්තාකර ඇති ආකාරයට පසුගිය ඉන්ධන මෙට්‍රික්ටොන් 30,000ක් රැගෙන පැමිණි එම්.ටී.හෆ්නියා ටයුරුෆ් නැමැති නෞකාව පසුගිය 6 වැනි දා ආපසු හරවා යවා තිටබනවා. එම නැව කොළඹට ළඟාවී තිබුණේ පසුගිය 2 වැනිදායි.

ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා මහතා පැවසුවේ, යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඔවුන්ගේ අභ්‍යන්තර ගැටලුවක් හේතුවෙන් මෙම නැව ආපසු හරවා යවා ඇති බව සහ එහි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 15,000ක් සහ ඩීසල් මෙට්‍රික්ටොන් 15,000ක් තිබූ බවයි.

පසුගිය රජය මෙරට ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට සමාගම් 3 කට අවසර දුන්නේ ආර්ථික අර්බුදයෙන් ඇතිවූ ගැටලු නැවත ඇති නොවීම සඳහායි. ඒ අනුව, සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ආර්.එම්. පාර්ක් නමැති සමාගම් මෙරට වෙළෙඳපොළට ඇතුළු වුණා.

ලංකා ඛනජ තෙල් නීතිගත සංස්ථාව සතුව තිබූ ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මේ සමාගම්වලට ලබාදීමට එකඟතා ඇතිකරගෙන තිබූ අතර අලුත් පිරවුම්හල් සඳහා ද අනුමැතිය ලබාදී තිබුණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *