නායයෑම් අනතුරු වලින් ප‍්‍රවේසම් වෙන්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

මෙම නිවේදනය අද පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බව එම සංවිධානයේ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර 2 ක් යටතේ අවධානයෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තවද බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර සහ හාලිඇළ, මහනුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *