නව කතානායකවරයෙක් පත්කර ගැනීම

හෙට දිනයේදී 17 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ඒ අනුව, මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වී හෙට සහ අනිද්දා (17,18) යන දින දෙක සඳහා සීමාවනවා.
මෙම පාර්ලිමේන්තු වාර්යේදී දැනට පුරප්පාඩුව පවතින කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භවීමට නියමිතයි.
හෙට උදෑසන 9.30 සිට 10.30 දක්වා කාලය මීට ප්‍රථම වෙන් කර තිබුණේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහායි. කෙසේවෙතත් නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම ආරම්භයේ දී ම සිදුවන අතර, ඒ සඳහා යම් වේලාවක් ගත වනු ඇති බව සඳහන් වෙනවා.
කථානායකවරයා ලෙස කටයුතු කළ අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගැනීමත් සමග මේ වන විට 10 වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය පුරප්පාඩුව පවතිනවා.
කෙසේවෙතත් කථානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මේ වන විටත් නම් 3ක් යෝජනා වී ඇති අතර, වත්මන් නියෝජ්‍ය කථානායකවරයාගේ නම ද ඒ සඳහා යෝජනා වී ඇති බව සඳහන් වෙනවා.
පවතින තත්වය තුළ නව කථානායකවරයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද දිනයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
මේ අතර කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කරනවා.
ඒ කථානායක ධුරය සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කරන බවට සිදුකළ ප්‍රකාශයත් සමගයි.