නත්තල මැද නැගුණු වෙඩිවරුසා

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබෙන බව තලෙයිබාන් සංවිධානය විසින් නිවේදනය කර තිබෙනවා.

මියගොස් සිටින පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

පාකිස්තානය විසින් මෙලෙස ගුවන් ප්‍රහාර එල්ලකර තිබුණේ, තලෙයිබාන් ත්‍රස්තයින් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන වෙතයි.

ඒ ආකාරයට, නත්තල් උදාව මැද ඇෆ්ගනිස්තානයේ ගම්මාන කිහිපයක් ඉලක්ක කරගනිමින් පාකිස්තානය ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර තිබුණා.

කෙසේ වෙතත්, පාකිස්තානයේ මෙම ප්‍රහාරවලට නිසැකවම ප්‍රතිචාර දක්වන බව තලෙයිබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *