ධීවරයින් අටක් නාවික හමුදා භාරයට

ඩෙල්ෆ් මුහුදේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේල ඔවුන් පැමිණි යාත්‍රා 2 ක් ද, සිය භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පිරිස, කන්කසන්තුරේ ධීවර වරායට රැගෙන එමින් සිටින බව ද, නාවික හමුදාව සඳහන් කළා.
වසරේ ගතවූ කාලසීමාව තුළ යාත්‍රා 67 ක් සමඟින් අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාවල 537 ක් ලෙස වාර්තා වෙනවා.