දෝෂාභියෝගය සම්මතයි..ජනපති ධූරයෙන් නෙරපයි

දකුණු කොරියානු විපක්ෂය විසින් එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊට අදාළ ඡන්ද විමසීම අද පෙරවරුවේ එරටදී පවත්වා තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 3 වැනිදා රාත්‍රීයේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල්කර ගනිමින්, එරට විපක්ෂය විසින් ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන තිබුණා.
කෙසේ වුවද, ජනාධිපති නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂය දෝෂාභියෝග ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් එවර දෝෂාභියෝගය පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වුණා.
අනතුරුව, නැවතත් ජනාධිපතිවරයාට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය ඊයේ පියවර ගත්තේ ඒ අනුවයි.
එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කළ අතර, මන්ත්‍රීවරුන් 204 ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
දෝෂාභියෝගයට විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 85 ක් පමණි.
ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
ප‍්‍රතිඵලය අනුව ජනාධිපති යුන් යුක් සෝල් ධුරයෙන් නෙරපා දැමෙන අතර, අගමැතිවරයා වැඩ බලන ජනාධිපති ලෙස ඉදිරි කටයුතු සිදු කරනු ලබයි.