දෙසැම්බර් මාසයේ ගත වූ දින කිහිපය

දෙසැම්බර් මාසයේ ගත වූ දින 10 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 70,000 ක් පැමිණ වන බව වාර්තා වෙනවා.

ඒ වගේම, දෙසැම්බර් මාසය අවසන් වනවිට ලක්ෂ දෙකහමාරක පමණ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික පරාක්‍රමසිංහ මහතා සදහන් කරනවා.

විශේෂයෙන් ම ඉන්දියාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවලින් වැඩි වශයෙන් සංචාරයකයින් මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.

ඒ වගේම, මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

මෙම වසර අවසන් වනවිට සංචාරකයින් මිලියන 2.2 ක් මෙරටට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවත්, බුද්ධික පරාක්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *