දුරදිග යන චීන – තායිවාන අර්බුදය

තායිවානය අවට මුහුදු සීමාව තුළ හමුදා අභ්‍යාස සිදුකිරීම සඳහා තම රටට හිමිකමක් ඇති බව පවසමින් චීනයේ ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තායිවානය අවට දින කිහිපයක සිට සිදුකෙරෙන හමුදා ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති පසුබිමක මෙම ප්‍රකාශය සිදුකර තිබීම විශේෂත්වයක් වෙනවා.

ඒවගේම බෙදුම්වාදී බලවේගයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය නම් හමුදාව සූදානම් බවද පෙන්වාදී තිබෙනවා.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශය විසින් ඉකුත් සතියයේ හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ ආසන්නයේ වඩාත් පුළුල් ලෙස චීන හමුදා ක්‍රියාකාරකම්වල වැඩිවීමක් නිරීක්ෂණය කළ බව පවසමින්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *