දුම්රියෙන් යනවා නම් මේ ගැන දැනුවත් වෙන්න

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) උදෑසන දුම්රිය ගමන්වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
මෙලෙස අවලංගු කර තිබෙන්නේ, කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයකි.
මෙම විභාගය 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80ක් පමණ පෙනී සිටීමට නියමිත වෙනවා.
කෙසේ වුවත් මේ හේතුවෙන්, අද පස්වරුවේදීත් දුම්රිය ගමන්වාර 15 පමණ අවලංගු කිරීමට සිදුවනු ඇති බව වාර්තා වෙනවා.