දිවි ගමනට සමුදුන් ඔලිම්පික් ශූරිය

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ප‍්‍රතිකාර ලබමින් සිටි, ඇග්නස් කෙලෙටි හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී ඊයේ (02) අභාවප්‍රාප්ත වූ බව සඳහන් වෙනවා.
ලබන ජනවාරි 9 වැනි දාට උපන්දිනය යෙදී තිබූ ඇය, අභාවප්‍රාප්ත වනවිට 103 වැනි වියේ පසු වූ අතර, 1952 වසරේදී පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් මෙම හංගේරියානු ජිම්නාස්ටික් ශූරිය, රන් පදක්කම් 5 ක් ද ඇතුළුව දිනා සිටි සමස්ත ඔලිම්පික් පදක්කම් ගණන 10 කි.
කෙලෙටි 1940 දී පළමු හංගේරියානු ශූරතාව දිනා ගත් පසු, ඇයගේ යුදෙව් සම්භවය නිසා ඇයට සියලු ක්‍රීඩා කටයුතු කලක් තහනම්ව තිබුණු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.