දිවිසැරිය නිමා කළ පක්ෂ නියෝජනයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බව සඳහන් වෙනවා.
පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබුණු අතර, එහිදි දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදි ඇය මෙලෙස මියගොස් තිබෙනවා.
ඇය වෘත්තියෙන් ගුරුවරියක් වන ඇය පිළිබඳව සමාජයේ විශාල කතා බහක් ඇතිවුණේ
පසුගිය 2022 මැයි මස 09 වැනි දින ගාලු මුවදොර පැවති අරගලයේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසුවයි.