දිවිසැරිය නිමකළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා

ප‍්‍රවීණ මාධ්‍යවේදී සහ රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා අභාවප‍්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරනවා.
1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වෙනවා. කලක් අසනීප තත්වයෙන් සිටි ඒ මහතා මිය යන විට 75 වන වියේ පසු වුණා.
ප‍්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු, දේශපාලන විචාරකයෙකු, න්‍යායාචාර්යවරයෙකු සහ සමාජ ක‍්‍රියාකාරිකයෙකු වන වික්ටර් අයිවන් මහතා, පොත් කිහිපයක කතුවරයෙකු ද වෙනවා.
තරුණ වියේදී මාක්ස්වාදී කැරලිකරුවෙකු වූ වික්ටර් අයිවන් මහතා, පසුව ආන්දෝලනාත්මක සිංහල පුවත්පතක් වන “රාවය” හි කර්තෘවරයා ලෙස සේවය කළා. එතුමා, රාවය පුවත්පත ආරම්භයේ සිටම වසර 25 ක් අඛණ්ඩව එහි කර්තෘවරයා ලෙස කටයුතු කළ බව සඳහන් වෙනවා.
වික්ටර් අයිවන් මහතා 1986 දී, ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට පිවිසියේ දකුණේ සිංහලයන් සහ උතුරේ දෙමළ ජනතාව විසින් ඇති කරන ලද ප‍්‍රචණ්ඩකාරී තරුණ කැරලි සමඟ රටම කැළඹී සිටි අවධියකයි.
ඔහු විසින් එළිදැක්වූ, රාවය මාසික සඟරාව ඉක්මනින්ම පාඨකයන් අතර ජනප‍්‍රිය වූ අතර, එය එකල වැඩිම ඉල්ලූමක් තිබූ සඟරාව බවට පත් වුණා. පසුව ඔහු රාවය සඟරාව ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයේ සතිපතා පුවත්පතක් බවට පත් කළෙ,් රටේ සිදුවන දුෂණ හා වැරදි හෙළි කිරීමට කැපවෙමින්.
ඔහු විසින් රචිත ග‍්‍රන්ථ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ඇයගේ පාලන සමය පිළිබඳව සිංහලෙන් “චෞර්‍ය” රැජින ඇතුළත් වෙනවා. වික්ටර් අයිවන් මහතා රචනා කළ කෘති කිහිපයක් පහතින් සඳහන් කර තිබෙනවා.
අඳ ගොවිතැනේ අභියෝගය
71 කැරැල්ල
අර්බුදයේ ගමන් මග
දෙමළ අභියෝගය
ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම
සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා
ප්‍රචණ්ඩත්වයල අවිහිංසාව හා විප්ලවය
නිදහසල ජාතික ඒකාග්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය
නොනිමි අරගලය
කදුළු සලන පාරාදීසය
පන්සලේ විප්ලවය
චෞර රැජින
පෑන අහිංසකද?
චෞර රාජ්‍ය
ප්‍රභාකරන් පරාජය කිරීම
මට පෙනෙන හැටි 2010
දේශපාලනයේ පවුල හා කුලය
ලංකාව ගලවා ගැනීම
දෙමළ අභියෝගය
අවසානය කුමක්ද?
ජීවිතයේ ප්‍රබෝධයල මරණයේ අසිරිය