දින පහකදී මෙරටට ගෙනා සම්පූර්ණ සහල්

පෞද්ගලික අංශය විසින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති සම්පූර්ණ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,800 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ පසුගිය 9 වනදා සිට ඊයේ (14) දිනය දක්වා වූ කාලය තුළ එම සහල් තොගය ආනයනය කර ඇති බවයි.
ඊට නාඩු සහල් මෙට්‍රික් ටොන් 3,000 ක් සහ සුදු කැකුළු මෙට්‍රික් ටොන් 1,800 ක් ඇතුළත් වන බව ඔහු සඳහන් කරනවා.
මේ අතර රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කරන ලද මෙට්‍රික් 52,000 ක සහල් තොගයේ පළමු ඇණවුම ලෙස සහල් මෙට්‍රික් ටොන් 5,200 ක් ලබන 19 වනදා මෙරටට ලැබීමට නියමිතව තිබෙන බවත් සඳහන් වෙනවා.
දිවයින පුරා පිහිටි සතොස හා සමූපකාර අලෙවිසැල් ජාලය හරහා එම සහල් අලෙවි කිරීමට නියමිතයි.