දැන් මොන පැත්තෙද ?

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්ත බව වාර්තා වෙනවා. ඒ සර්වජන බල පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතින්.

විශේෂයෙන් ම මේ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර තිබෙනවා.

ඔහු 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන චන්ද්‍රසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු කිහිපයක් දරා තිබෙනවා.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක්වී තරග කළා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *