දවසේ කාලගුණ වාර්තාව

අද දිනයේදිත් උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ වගේම, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.