තේරී පත්වූ නව කතානායක

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත් වුණා. ඒ අද (17) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් පසුවයි.
නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබුවා.
මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය විසින් ප්‍රකාශ කර තිබුණා.
නමුත් අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා.