තුර්කියට මොකද වෙලා තියෙන්නේ?

වයඹ දිග තුර්කියේ කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව බලධාරීන් පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
පිපිරීම සිදුව තිබුණේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලාවක එක් කොටසක වන අතර, පිපිරීමෙන් පසුව කර්මාන්ත ශාලාවේ එක් කොටසක් කඩා වැටී ඇති බවත් වාර්තා වෙනවා.
එම කර්මාන්ත ශාලාවේ දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙනුවෙන් ද පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන බව සඳහන් වෙනවා.