තීරණාත්මක අභියෝගයක්

පාකිස්තානයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තීරණාත්මක අභියෝගයකට මුහුණදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි පවතින මූලික ගැටලුව වන්නේ සුදුසුකම් ලත් සහ ප්‍රායෝගික ඖෂධවේදීන්ගේ හිඟය බව පැවසෙනවා.
මෙම තත්ත්වය එරට මහජන සෞඛ්‍යයට සැළකිය යුතු බලපෑමක් ඇති කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්තානයේ සෞඛ්‍ය සේවා ජාලය ඖෂධ හල් 80,000කින් පමණ සමන්විත වන අතර, රට පුරා ලියාපදිංචි වී ඇත්තේ ඖෂධවේදීන් 55,000ක් පමණක් බවයි.