තාක්ෂණික සමාගම් දෙකකට ඇමරිකාවෙන් තහනමක්

මානව හිමිකම්වලට හානි කරන බවට පදනම් විරහිත චෝදනා සිදු කරමින් අමෙරිකාව විසින් චීනයේ උසස් තාක්ෂණික සමාගම්‍ දෙකක් සිය තහනම් ආයතන ලැයිස්තුවට එක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරමින් පවසන්නේ, එම ඊනියා සම්බාධකය මානව හිමිකම් මුවාවෙන් චීන තාක්ෂණික සමාගම්වලට බාධා කිරීමේ උත්සාහයක් පවතින බවයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් පළ කළ අතර, ඇමරිකාව මානව හිමිකම් ආරක්ෂා කරන බවට වන ප්‍රකාශය අසත්‍යයක් බවත්, එරට චීන ජනතාවගේ සංවර්ධන අයිතීන්ට හානි කිරීම සත්‍යයක් බවත් ඉන් මනාව පෙන්නුම් කෙරෙන බවත් සඳහන් කරනවා.

අමෙරිකාවේ එම උත්සාහය කිසිදු ලෙසකින් සාර්ථක නොවනු ඇතැයි ද අවධාරණය කළ ඇය, අමෙරිකාව සැබෑ ලෙසම මානව හිමිකම් වැදගත් කොට සලකන්නේ නම්, පළමුව කළ යුත්තේ සිය මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවන් නිවැරදි කර ගැනීම බව පවසනවා.

එමෙන්ම, මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීකරණය සහ යුද ගැටුම් ඇති කිරීම, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම, එහි අයිතීන්ට හානි කිරීම යනාදී ක්‍රියාවන් වහාම නතර කළ යුතු බවත් Mao Ning මහත්මිය ‍ප්‍රකාශ කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *