තවත් Tik Tok තහනමක්

ඇල්බේනියාවේ රජය විසින් Tik Tok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් සඳහන් වෙනවා.

මෙම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඇල්බේනියාව විසින් මෙම Tik Tok තහනම සිදු කිරීමට හේතුව ලෙස ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි සිසුවෙකුට සිදුකළ පිහි ඇනුම් සිද්ධියක් බවයි. අදාළ පිහි අනුම් සිද්ධ්යෙන් 14 හැවිරිදි සිසුවා මියගොස් තිබුණා.

කෙසේ වෙතත් යෝජිත Tik Tok තහනම පිළිබඳව ඇල්බේනියානු රජයෙන් හදිසි පැහැදිලි කිරීම් අපේක්ෂා කරන බව Tik Tok ආයතනය පවසනවා.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් ඝාතනය වූ 14 හැවිරිදි පාසල් සිසුවාට හෝ පිහියෙන් ඇන ඇතැයි කියන පුද්ගලයාට Tik Tok ගිණුම් තිබූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව Tik Tok ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *