තවත් මාරක අනතුරක්

බ්‍රසීලයේ ග්‍රමඩෝ ප්‍රදේශයේ වෙළෙඳ සැලකට පෞද්ගලික ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධියෙන් වෙළෙඳසැල තුළ සිටි 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වල සඳහන් වෙනවා.
මීදුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුර සිදු වන්නට ඇති බව බ්‍රසීල අනතුරු විමර්ශන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන අතර, අනතුරෙන් මියගොස් ඇත්තේ ගුවන් යානයේ නියමුවා, හිමිකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.