තවත් ආචාර්ය පට්ටමක් අතුරුදන්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තිබෙන අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුවේ වර්තමාන අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ තිබුණු ආචාර්ය නාමාය ඉවත් කර තිබෙන බව වාර්තා වෙනවා.
සභානායක කාර්යාලයෙන් එවා තිබුණු ලිපියක සඳහන් කරුණුවලට අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තිබෙන හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ නම ඉදිරියේ මීට පෙර ආචාර්ය නාමය තිබී ඇත. කෙසේ වුවත් ඔහු විසින් පෞද්ගලිකව ආචාර්ය උපාධියක් පිළිබඳ සඳහන් ලිපියක් භාර දී නොතිබුණු බව සඳහන් වෙනවා.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත‍්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සඳහන් කර තිබෙනවාද කියා පූර්ණ සොයා බැලීමක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු ප‍්‍රධානීන් විසින් එම වෙබ් අඩවිය භාරව කටයුතු කරන නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.