තරාතිරම කුමක් වුවත් වරද වරදමයි

කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත් වූ හමුවකදීයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා.,

ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා.

ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කළා.

ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ. යනුවෙන් පවසා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *