ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවයක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසනවා. මේ හේතුව නිසාම අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් ශ්‍රේණිය RD මට්ටමේ සිට CCC+ මට්ටම දක්වා උසස් කර තිබෙන අතර, දේශීය විනිමය ණය නිකුත් ශ්‍රේණිය CCC- සිට CCC+ දක්වා ඉහළ නංවා තිබෙනවා.

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බව ෆිච් රේටින් සමාගම සඳහන් කරනවා.

මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර අටක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙම සියලු බැඳුම්කර රුපියල් මිලියන 19,466.1 ක වෙන්කළ මුදලකින් සමන්විත බව මහ බැංකුව පෙන්වා දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *