ඩොලර් මිලියන 30 ක්

ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක් සඳහා අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
එම මූල්‍ය පහසුකම, දැනට ක්‍රියාත්මක සහ අනාගත බලශක්ති අංශයේ ව්‍යාපෘතිවල තිරසාර බව තහවුරු කිරීම සඳහා යෙදවෙන බව නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.
විශේෂයෙන්ම මෙය ශ්‍රී ලංකාවට සපයා ඇති මෙවැනි ආකාරයේ පළමු මූල්‍ය පහසුකම වෙනවා.
ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයටත්, එම ක්ෂේත්‍රය සඳහා පුද්ගලික අංශයේ දායකත්වය වැඩිකරගැනීමත් මෙම වැඩසටහනේ අරමුණු බවයි.
2030 වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන් ඔස්සේ ලබාගැනීමට ඇති සැලැස්ම සාර්ථක කර ගැනීමටත් මෙම වැඩසටහන වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් පවසනවා.