ඩොලර් මිලියන ගණනක වන්දියක්

පසුගිය ජනාධිපතිවරණයෙන් තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ වාර්තා කළ බවට අධිකරණයේ පැවති නඩුවක් සමථයට පත්කරගැනීම වෙනුවෙන් ඔහුට දැවැන්ත වන්දියක් පිරිනැමීමට ලෝකප්‍රකට ABC ක්‍ පුවත් නාලිකාව එකඟ වී තිබෙනවා.

ඒ අනුව, ඔවුන් ට්‍රම්ප් වෙත ලබාදීමට එකඟව ඇති වන්දිය අමෙරිකානු ඩොලර් මිලියන 15 ක් ලෙස වාර්තා වෙනවා.

පසුගිය මාර්තු 10 වනදා පැවති රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර, ජෝර්ජ් ස්ටෙෆනොපොලිස්, ට්‍රම්ප් යනු ස්ත්‍රී දූෂණයට වගකිව යුතු අයෙක් බවට අපරික්ෂාකාරීව ප්‍රකාශ කර තිබුණා.

වන්දියට අමතරව ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෞද්ගලිකව කණගාටුව පළකරන විශේෂ ප්‍රකාශයක් ABC නාලිකාවේ විකාශ කිරීම නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *