ටික දෙනෙක්ව ගෙදර එවලා

ඊයේ (19) දිනයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වු සටන් විරාම ගිවිසුම යටතේ, පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය ප්‍රකාශ කර තිබෙනවා.

මෙසේ ආරම්භ වු සටන් විරාම කාලය යටතේ, පළමු අදියරේ කොටසක් ලෙස මෙම පලස්තීන සිරකරුවන් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙසේ නිදහස් වූ සිරකරුවන් අතර කාන්තාවන් 69 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 ක් දෙනෙකු ඇතුලත් බව සඳහන් වෙනවා.

මේ අතර, හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ද නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ වගේම, මෙම ගාසා සටන් විරාමය ගැන ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමට, අභ්‍යන්තරව අවතැන් වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු යාමට සහ ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීමට මඟ පාදන සටන් විරාම ගිවිසුම තිරසාර වනු ඇති බව ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව එහි සඳහන්ව තිබෙනවා.

එමෙන්ම පලස්තීනයේ සහ එම කලාපයේ ද සාමය ඉතා ඉක්මනින් ස්ථාපිත වනු අපේක්ෂා කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *