ටයිම්ස් 2024 වසරේ පුද්ගලයා

සෑම වර්ෂයක් පාසාම සුප‍්‍රකට ටයිම්ස් සගරාව විසින් නම් කරන වසරේ පුද්ලයා සටන මෙවරත් පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙවර එම සටනට පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ඇමෙරිකානු අගමැතිනි කමලා හැරිස්, සුප‍්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක්, ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, සහ වේල්ස් කුමරිය වන කේට් මිඞ්ල්ටන් කැතරින් යන ලොව ප‍්‍රකට පුද්ගලයින් නම් කර තිබුණා.
මෙම පිරිස අතරින් ඊලෝන් මස්ක් 2021 වසරේදී ටයිම්ස් සගරාව විසින් නම් කළ වසරේ පුද්ගලයා ලෙස පත්වුණා. ඒ වගේම මෙම ලැයිස්තුවේ සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් 2016 වර්ෂයේදීත් ටයිම්ස් සගරාව විසින් නම් කළ වසරේ පුද්ගලයා ලෙස පත්වුණා.
කෙසේ වෙතත් දෙවන වතාවටත් මෙම නම් කිරීමට පත්වීමට පසුගිය නොවැම්බර් මස ඇමෙරිකාවේ පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමත් වුණු බව ටයිම්ස් සගරාව විසින් ඊයේ ප‍්‍රකාශයට පත් කළා.
ඒ අනුව දෙවන වතාවටත් වසරේ පුද්ගලයා බවට පත් වූ ට‍්‍රම්ප් තමන් ලද මේ ගෞරවය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙය මට ගෞරවයක්, දෙවන වතාවටත් ටයිම්ස් සගරාව විසින් මට මේ ගෞරවය ලබා දී තිබෙනවා. මම හිතන්නේ, මෙවර ලැබූ ගෞරවයට මම වඩාත් කැමතියි, යනුවෙනි.
2000 වර්ෂයේ සිට ටයිම්ස් සගරාව විසින් ඇමෙරිකානු ජනාධිපතිවරණ වලින් ජයගත් පුද්ගලයින්ව එම වසරේ පුද්ගලයා ලෙස නම් කර තිබෙන අතර, 2020 වර්ෂයේදී ඇමෙරිකාවේ වත්මන් ජනපති වන බයිඞ්න් සහ උප ජනාධිපති වන කමලා හැරිස් වෙත මෙම ගෞරව නාමය ඒකාබද්ධව ලබාදෙනු ලැබුවා.
මීට අමතරව 2008 සහ 2012 වර්ෂ වලදී ඇමෙරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමා විසින් මෙම ගෞරව නාමය ලබාගත් අතර, 2000 සහ 2004 යන වර්ෂ වලදී හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් මෙම ගෞරව නාමය ලබාගත්තා.
ඒ වගේම 1993 සහ 1998 යන වර්ෂ වලදී හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වන බිල් ක්ලින්ටන් සහ කෙනත් ස්ටාර් විසින් ඒකාබද්ධව මෙම ගෞරව නාමයට හිමිකම් කියූ අතර, හිටපු ඇමෙරිකානු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පියා වන ජෝර්ජ් හර්බට් බුෂ් ජනාධිපතිව සිටියදී 1988 වර්ෂයේදී වසරේ පුද්ගලයා යන ගෞරව නාමයට හිමිකම් තිබෙන බව වාර්තා වෙනවා.