ජීවිත අවධානමක් තියෙනවද?

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබෙනවා.
ඔහුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව වාර්තා වන අතර, සිද්ධියේදී තුවාල ලැබූ සයිෆ් අලි ඛාන්, මේ වනවිට මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.