ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු නම් කෙරේ

සමගි ජන බලවේගයේ සෙසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා නම් කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 05 කි.
ඒ අනුව, සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර් හා මුත්තු මොහොමඩ් යන අයගේ නම් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කර එවා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරනවා.
මීට පෙර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කෙරුණා.