ජාත්‍යන්තර පොලීසියෙන් ඇල්ලූ මෙරට අපරාධකරු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුන්වන, ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ ජාත්‍යන්තර පොලීසිය මගිනි.

ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන අතර, අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, පොඩි ලැසීට ඇප නියම කෙරුණ ද ඊළඟ නඩු දිනය දක්වා විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බව පොලීසිය සඳහන් කරනවා.

අදාළ ඇප කොන්දේසි උල්ලංගණය කරමින් සැකකරු නීතිවිරෝධී අයුරින් රටින් පැන ගොස් තිබූ අතර පොලීසිය කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබුණේ පොඩි ලැසී ඉන්දියාවේ රැඳීසිටින බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *