ජයිශංකර් හදිසියේම ගියේ ඇයි?

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දින 6 ක නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශේෂයෙන්ම, ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන්දියාවේ සිට අමෙරිකාවට යන පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ එස්. ජයිශංකර් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දෙසැම්බර් 24 සිට 29 දක්වා වූ දින 06 ක කාලය අමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටිනු ඇත.

ද්විපාර්ශ්වික, කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඔහු අමෙරිකානු රජයේ ඉහළ නිලධාරීන් හමුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *