ජපන් රැකියා අවස්ථා

ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සිය රට තුළ රැකියා අවස්ථා රැසක් ලබාදීමට ජපානය නිල වශයෙන් එකඟතාවය පළ කර තිබෙනවා.

ඊයේ (08) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සහ ජපාන තානාපති ඉසොමතා අකිඕ මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේ මෙම තීරණය දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

ජපානයේ වැඩිහිටි ජනගහණයේ ඉහළ යෑමත් සමග, ඒ හා බැඳී ඇති රැකියා අවස්ථාවන් සඳහා වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයන් එරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර, එහිදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් තානාපතිවරයා සඳහන් කර තිබෙන බව වාර්තා වෙනවා.

ජපානයේ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයන්ට ලබාදී ඇති පුහුණුව පිළිබඳව ජපාන තානාපතිවරයා සිය ප්‍රශංසාව දක්වා ඇති අතර, ඔවුන් මෙරට තරුණයන්ගේ සත්කාර ක්‍රමයන් ඉතා ඉහළින් අගය කර තිබෙන බවත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *