ජනාධිපති බෂර් අල් අසාද්ගේ පැනයාම

සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ දශකයකට අධික කාලයක් පුරා සිරියාවේ පැවති යුදමය වාතාවරණය තීව්‍ර කරමින් එරට ඩැමැස්කස් අගනුවරට උතුරින් පිහිටි ඇලැප්පෝ සහ හමා නගර යටත් කරගැනීමත් සමගයි.
කැරලිකරුවන් පසුගියදා ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරය ද සිය පාලනයට නතු කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව ඔවුන් මේ වනවිට ඩැමැස්කස් අගනුවරට ද ඇතුළු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අගනුවරට තදාසන්න පෙදෙස් රැසක් කැරලිකරුවන්ගේ පාලනයට යටත් වී ඇති අතර, සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් තිබෙන්නේ මේ නිසයි.
වසර 54ක් පුරා සිරියාවේ පැවති කෘෘර අසාද් පාලනය මේ වනවිට බිඳ වැටී ඇති බව විශේෂඥයින් මත පළ කරනවා. එමෙන්ම අසාද් පාර්ශ්වකරුවන් ද අගනුවරින් පළායාමට උත්සාහ කරමින් සිටින බව සඳහන් වෙනවා.
සිරියාවේ වඩාත් කුප්‍රකට රැඳිවියන් රඳවා ඇති ඩැමැස්කස් බන්ධනාගාරයට කඩාවැදුණු කැරලිකරුවන් එහි සිටි රැඳවූවන් නිදහස් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.
මේ අතර සිරියාවට සහාය දැක්වූ හිස්බුල්ලා සංවිධානයත් පසුබැස ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.