ජනාධිපතිවරයාගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර නිෂ්පාදනය කිරීම ඇතුළු යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා.

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම යටතේ මෙම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් වෙනවා.

ඒ අනුව, අවම වශයෙන් මාස 03 කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම යන ක්‍රියාවලින් සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගිත්වය ලබා ගනිමින් ඵලදායී වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීම ඒ අතුරින් ප්‍රමුඛ කාර්යයන් වශයෙන් හඳුනාගෙන ඇති බව සඳහන් වෙනවා.

ඒ අනුව, මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන්නේ, ” ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව” ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ඉදිරිපත් කළ යෝජනාවටයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *