ජනපති හමුවී ජනපති අනුර කියූ දේ

එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පෙනී සිටින බව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං හමුවේ පවසා තිබෙනවා. එරට වේලාවෙන් පස්වරු 5ග00ට චීන මහජන ශාලාවේදී දෙරට ජනාධිපතිවරුන් අතර හමුව සිදුවුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

මෙම හමුවේදී දෙරටට වැදගත්වන කරුණු රැසක් පිළිබඳව ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සිදුකර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“චීනයේ ආර්ථික, කාර්මික සහ තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්ධන මෙන්ම මානව සංවර්ධනය අතින් අත් කරගෙන ඇති දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව බෙහෙවින්ම සතුටට පත්වෙනවා.”

“ද්විපාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය ඇතුළු සියලු ක්ෂේත්‍රවල එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා.”

“චීනය දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති අතර මෙම සංචාරය අපගේ රටවල් සහ ජනතාවගේ අන්‍යොන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් ශක්තිමත් වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”
 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *