ජනපති යෝල්ට විදෙස් ගමන් තහනමක්

දකුණු කොරියානු බලධාරීන් විසින් එරට ජනාධිපති යුන් සුක් යෝල්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ මීට සතියකට පෙරාතුව ජනාධිපතිවරයා විසින් හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීමට අදාළ විමර්ශන කටයුතු පුළුල් කිරීමට, විමර්ශකයින් තීරණය කිරීම හේතුවෙනි.
ඒ අනුව, දකුණු කොරියානු පොලීසිය සහ දූෂණ විමර්ශන නිලධාරීන් අධිකරණ අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විදෙස් තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.