ජනපති පුටීන් සමාව අයදී

පසුගිය 25 දා අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කඩා වැටීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින්, අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා.

ඒ එම ගුවන්යානයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වීමත් සමගයි.

එය යුක්‍රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීම හේතුවෙන්, රුසියානු හමුදාව විසින් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පුටින්ට අමතරව රුසියන් රජය මෙන්ම රුසියාවේ හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බව වාර්තා වල සඳහන් වෙනවා.

මේ අතර රුසියානු ජනාධිපති පුටින්ගේ ශෝක පණිවිඩ නිකුත් කිරීමට පෙරම අසර්බයිජානයේ ගුවන් සමාගම් කිහිපයක් රුසියානු නගර බොහොමයකට ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, ගුවන් යානය කඩා වැටීම පිළිබඳ විමර්ශන අවසන් වන තුරු මෙම අත්හිටුවීම පවතිනු ඇති බවද සඳහන් වෙනවා.

අසර්බයිජාන මගී ගුවන් යානය කඩා වැටීමට හේතුව රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව පළමුව අනාවරණය කරන ලද්දේ අමෙරිකාවේ බුද්ධි අංශය විසිනි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ අසර්බයිජාන බාකු අගනුවර සිට දකුණු දිග චෙව්නියාවේ ග්‍රෝස්නි අගනුවර තෙක් පියාසර කරමින් තිබූ ගුවන් යානයකටයි.

යානය පියාසර කරමින් තිබූ අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සමග 67 දෙනෙකු ගමන් කරමින් තිබුණු අතර, ප්‍රහාරයෙන් 38 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 29 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් වුණා.

අනතුරින් මියගිය 38 දෙනා වෙනුවෙන් අසර්බයිජාන ජනාධිපති ඉල්හාමි අලියෙව් පසුගියදා ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කර තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *