ජනපති පවුලට රුසියානු සරණාගතභාවය

සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරනවා.
රුසියාව හිටපු ජනපතිවරයාට සහාය දුන් ප්‍රමුඛ පාර්ශ්වයක් ලෙස වාර්තා වෙනවා. ඒ වගේම රුසියානු බලධාරීන් පවසන්නේ අසාඩ් ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ට රුසියාවේ සරණාගතභාවය ලබාදෙන බවයි.
Hayat Tahrir al-Sham නම් සංවිධානයට අයත් කැරලිකරුවන් නොවැම්බර් 27 වනදා අසාඩ් පාලනයට එරෙහිව ප්‍රහාර දියත් කළා. ඉන්පසු දින කිහිපයක් තුළදී එරට ප්‍රධාන නගර සිය ග්‍රහණයට ගැනීමට කැරලිකරුවන් සමත්වුණා.
ඔවුන් ඊයේ ඩැමස්කස් නගරයට ඇතුළු වුණු අතර, පසුව වාර්තා වූයේ ජනාධිපති අසාඩ් ගුවන්යානයකින් එරටින් පළාගිය බවයි.