ජනපති නිල සංචාරයේ උණුසුම් තොරතුරු

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ, චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාඕ සේතුං අනුස්මාරණ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූවා.

ඒ වගේම, ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශන ශාලාවත්, චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිගා කෞතුගාරයත් නැරඹූ බව
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

මේ අතර ජනාධිපතිවරයා අද (15) පස්වරුවේ එරට වේලාවෙන් සවස 5 ට පමණ, චීන ජනාධිපති ශී ජිං පිං මහතා හමුවී තිබෙනවා. ඒ බීජිං නුවර පිහිටි මහජන ශාලාවේදීයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පසුව දැනුම් දීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයද අද (15) පස්වරුවේ පැවැත්විමට සැලසුම්කර තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *