ජනපති-අගමැති පණිවුඩය

නත්තල යනු වාද භේද දුරලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ වගේම, සියලු ජන කොටස් ඒකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමූහික වගකීමක් සේ සළකා දේශයේ වගකීම් වෙනුවෙන් එකමුතු විය යතු බව නත්තල් දින සැමරුම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම, වර්ථමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය දැවැන්ත සමාජ පරිවර්ථනය සහ ජාතික පුනරුදය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබන බවත්, ජනාධිපතිවරයාගේ නත්තල් දින පණිවුඩයේ සඳහන් වෙනවා.
නත්තලේ සැබෑ යථාර්ථය වන සාමූහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදාවූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විත කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
මෙම සමයේදී අනෝන්‍යය සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ ඉවසීම වර්ධනය කර ගැනීම මෙන්ම එකමුතුකමේ සහ අවබෝධය ඇති කර ගැනීමට කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ නත්තල් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.