ජනපතිවරුන්ගේ සුහද හමුව

අද සවස් වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය හමුවී තිබෙන බව වාර්තා වෙනවා.

එම හමුව සිදුව ඇත්තේ රාෂ්ට්‍රපති භවන්හිදීයි.

මෙම හමුවේදී ඉන්දීය ජනාධිපතිවරිය පවසා ඇත්තේ, සමීප සහ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන ප්‍රයත්නයන් සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බවයි.

මෙහිදී ජනාධිපතිවරයාට උපහාර පිණිස භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබුණු බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *