ජනපතිගේ මංගල නිල විදෙස් සංචාරය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ජනපතිවරයාගේ මංගල විදෙස් සංචාරය මෙයයි. ඉන්දු – ලංකා මිත්‍රත්වය වැඩි දියුණු කරගැනීම එම සංචාරයේ අරමුණ වෙනවා.
ජනාධිපතිවරයා එම සංචාරයේ නිරත වෙන්නේ, ඉන්දීය ජනපතිනියගේ ආරාධනයකට අනුවයි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
අදින් ආරම්භ වන ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය අවසන් වන්නේ ලබන 17 වැනිදායි.